පුලතිසි නගරාන්තර දුම්රිය සහ ඇල්ල ඔඩිසි දුම්රිය නැවත ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව පුලතිසි නගරාන්තර දුම්රිය ලබන 09 වනදා සිට සෑම සිකුරාදා දිනකම කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය කෙරෙන අතර සෑම ඉරිදා දිනකම මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
සිකුරාදා දිනයේදී මධ්‍යහ්න 12:45ට කොළඹ කොටුවෙන් එම දුම්රිය පිටත්වීමට නියමිතයි. මඩකලපුවෙන් ඉරිදා දිනයේදී දුම්රිය කොළඹ බලා පිටත්වන්නේ පෙරවරු 11:30ටයි.
මේ අතර, ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය හෙට සිට සෑම බදාදා දිනකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම දුම්රිය අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පස්වරු 01:30ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
ලැබෙන මගී ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම දුම්රිය ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි දම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.




