ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ පස් වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ සමත් වුණා.

ඇයට මෙම ඉසව්වේ පදක්කමක් ගිලිහී ගියේ මීටර් තුනකටත් වඩා අඩු පරතරයකින්.

නදීෂා දිල්හානි ලේකම්ගේ එම තරගයේදී මීටර් 59යි සෙන්ටිමීටර් 27ක දක්ෂතාවක් දැක්වූවා.

ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර් 70යි සෙන්ටිමීටර් 46ක දක්ෂතාවක් දැක්වූ චීන ක්‍රීඩිකා යැන් ෂියි විසින්. ජපාන ක්‍රීඩිකා කිටගුෂි හරූකා මීටර් 62යි සෙන්ටිමීටර් 70ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගත්තා.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ ද ජපාන ක්‍රිඩිකාවක විසින්.

ඇය දැක්වූ දක්ෂතාව මීටර් 62යි සෙන්ටිමීටර් 15ක්.