වන සත්ත්ව සංගණනයෙන් හෙළි කර ගත් තොරතුරු අනුව වනජීවින් කළමනාකරණය කිරීමට රජය අපේක්‍ෂා කරන්නේ නම් පළමුව සිදු කළ යුත්තේ දැනට ඉතිරිව පවතින ස්වභාවික පද්ධතීන් ජාලගත කිරීම අවශ්‍යම කරුණක් බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක, පරිසරවේදී සජීව චාමිකර මහතා පවසනවා.
කෙසේවෙතත් වන සත්ත්ව සංගණනයේ දත්තවල නිවැරදිභාවය පිළිබඳ ගැටලු පවතින බවයි ඔහු කියා සිටියේ.
වන සත්ත්ව සංගණනයෙන් අනාවරණ වූ දත්ත මත ඉදිරියේදී තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ.
දඬුලේනා පළිබෝධකයෙකු ලෙස සලකන ලෙස සත්ත්ව සංගණන වාර්තාව මගින් නිර්දේශ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පර්යේෂක, පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දුන්නේ ඒ සඳහා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතට සංශෝධන සිදු කළ හැකි බවයි.