එක්දින හා විස්සයි විස්ස තරඟාවලියක් සඳහා ලබන වසරේ ජනවාරි මාසයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරට සංචාරයක නිරත වන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් තහවුරු කළා. ඒ, එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර සූදානමක් ලෙසයි. ඒ අනුව ලබන වසරේ ජනවාරි 22, 24 සහ 27 යන දිනවලදී දෙරට අතර එක්දින තරඟ තුන පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. දෙරට අතර විස්සයි විස්ස තරඟ තුන ජනවාරි 30, පෙබරවාරි 01 සහ පෙබරවාරි 03 යන දිනවලදී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.