ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආයෝජනයක් වන සෙරන්ඩිබ් සමූහය සිය ව්‍යාපාර තවත් පුළුල් කරමින් විදේශ සංචාර ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කර තිබෙනවා.

Serondib Travels & Tours  යටතේ විවිධාංගිකරණය කළ ආකර්ෂණීය නව සංචාරක පැකේජ කිහිපයක් හඳුන්වාදෙමින්.

ඒ අනුව පහසු ගෙවීමේ ක්‍රමයට සංචාර වෙන්කර ගත හැකි වීමද විශේෂත්වයක් වනවා.

Serondib Travels & Tours ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ අංක 87 දරන ස්ථානයේ ඉකුත්දා විවෘත කෙරුණා.

Serondib Travels & Tours විසින් හඳුන්වා දී ඇති නව පැකේජ අතර පවුල් සංචාර, ව්‍යාපාරික සංචාර සහ විනෝදාස්වාද සංචාර ආදි වශයෙන් විවිධ අරමුණු වෙනුවෙන් සකස් කරන ලද සංචාර වනවා.

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම එක් වරක් හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට සංචාරය කළ යුතුය යන්න සිය ආයතනික දැක්ම වන බවයි හෂිනි රෙක්ස්ටර් මහත්මිය පැවසුවේ.

පහසු ගෙවීමේ ක්‍රම වැනි සහන ක්‍රම හඳුන්වා දෙන්නේ දැන් ඒ අනුව බව ඇය කියා සිටියා.