Published
ආසියානු ක්රීඩා උළෙලේ 400M පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාවේ කාලිංග කුමාරගේ අද (සැප්තැම්බර් 25) සමත් වුණා.
ඒ එම ඉසව්වේ මූලික වටයේ තරඟයකදී 3වන ස්ථානය දිනා ගනිමින්.
කාලිංග කුමාරගේ තරඟ වැදුනේ 400M පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ දෙවන තරඟයටයි.
එහිදී ඔහුගේ තරග නිමි කාලය තත්පර 45යි දශම 7යි 4ක්.
මේ අතර මෙම ඉසව්වේ මූලික වටයේ තුන්වන තරඟයට ශ්රී ලංකාව නියෝජනය කරමින් කල්හාර ඉදූප තරඟ වැදුනා.
එහෙත් ඔහුට හිමි වූයේ එහි 5වන ස්ථානයයි.
ඔහුගේ තරග නිමි කාලය තත්පර 46යි දශම 5යි 3ක් වුණා.
ඒ අනුව ඉසව්වේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.




