Published
ඩුබායිහී සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ එම සැකකරුවන් දෙදෙනාට මෙරට බරපතල අපරාධ චෝදනා ඇති බවයි.
එමෙන්ම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකුත් කර තිබූ රතු වරෙන්තු යටතේයි.
එම කාන්තාව රජයේ මුදල් අවභාවිත කර රටින් පලාගොස් තිබුණා.
දිවයිනට රැගෙන ආ ඇය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලීසිය පැවසුවේ.




