සුදු සීනි ලෙස පවසමින් දුඹුරු සීනි ආනයනය වැළැක්වීමට දැඩි පියවර ගෙන ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රජය සතු සීනි කර්මාන්ත ශාලාවල විකුණාගත නොහැකිව සීනි තොග පවතින්නේදැයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පශ්නයක් යොමු කළ අතර ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ එවැනි සීති තොගයක් රජය සතු සීනි සමාගම්වල නොමැති බවයි.

සීනි ආනයනයේදී සිදු වන වංචා වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනෙකු මෙම වංචාවලට සහය දක්වන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද එහිදී අදහස් පළ කළා.