තමන්ට ලබා දුන් අවස්ථාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක කමිල් මිෂාර පවසනවා. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

සිය කණ්ඩායමේ පන්දු රැකීම තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු උපුල් චන්දන මහතා දරන උත්සහයන් පිළිබඳවද ඔහු අදහස් දැක්වුවා.