ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරඟයක් අද පැවැත්වෙනවා.
ඒ ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.
තරඟය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 03ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදීයි.
එංගලන්ත කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 04ක් ලබා ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවනවා.
ශ්‍රී ලංකාව සහභාගී වූ තරඟ දෙකෙන් එක් තරඟයක් පරාජය වූ අතර අනෙක් තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනා.
ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 01ක්.
එබැවින් අද තරඟය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත්.
මේ අතර බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග ඊයේ පැවති තරඟය ලකුණු 100කින් ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 227ක් රැස් කළා.
කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 39යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 127ක් පමණයි.