Published
දකුණු කොරියාවේ රාජ්‍ය ඔන් ලයින් සේවා බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රාජ්‍ය දත්ත මධ්‍යස්ථානයේ පස්වැනි මහලේ පරිගණක බැටරියක් පුපුරා යාමත් සමග ඇතිවූ ගින්නකින් හේතුවෙන් එලෙස රාජ්‍ය ඔන් ලයින් සේවා බිද වැටී ඇති බවයි. ඒ අනුව දකුණු කොරියාවේ තැපැල් සේවා, පොදු ප්‍රවාහන සේවා ඇතුළු රාජ්‍ය සේවාවන් 647ක ඉන් බලපෑම් එල්ල වී තිබෙනවා. එමෙන්ම කොරියානු අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි කිහිපයකට ප්රවේශවීමට ද නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයින් 200ක් පමණ යොදවා ඇති බවද සදහන්. දකුණු කොරියානු රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බිඳ වැටුණු ඔන්ලයින් සේවා කඩිනමින් යථා තත්වයට පත් කරන බවයි.