Published
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියේ ඊයේ රාත්රියේ පැවති තරඟයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම කණ්ඩායම සමත් වුණා. ඒ, ඕමාන කණ්ඩායම පරාජයට පත් කරමින්. පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන ක්රිකට් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කළ ලකුණු 160ක්. කෙසේවෙතත් ලකුණු 161ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔමාන කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 67ක් පමණයි.