ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තීයභාවයක් සහිත ආරක්ෂක හමුදාවක් බවට පත්විය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසටයි උපදෙස් දී ඇත්තේ. ඒ, ජනාධිපති කාර්යාලයේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමින්. ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ලබා දෙන විදෙස් පුහුණුවීම් පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමුව තිබෙනවා. යුද සමයේ මියගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන්ද, අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් වෙත ලබා දෙන වන්දි මුදල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත්තේ.