පන්දුවාර විස්සයි විස්ස  ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

මෙම තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතරයි.

කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තු  සමත් වුණා.

ඇය තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානට ලබාදීමටයි.

ශ්‍රී ලංකාව පන්දුවාර විස්සයි විස්ස  වත්මන් ආසියානු  ශූරියන්ද වනවා.

අවසන් පූර්ව වටය සඳහා ඔවුන් සුදුසුකම් ලබා ගත්තේ ද අපරාජිතවයි.

ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරඟයේදී බංග්ලාදේශය පරදා ඉන්දියාව ජය ගත්තා.

ඒ අනුව අද තරගය ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරඟයේදී ඉන්දියාව සමග ශූරතාව වෙනුවෙන් තරඟ වදිනු ඇති.