ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ ඉක්බාල් අතාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 81 වැනි වියේ පසුවුණා.

ඒ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් මහ පල්ලිය සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිතයි.

ඉක්බාල් අතාස් මහතාගේ දේහය, මේ වන විට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11සී දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා
තැන්පත් කර තිබෙනවා.