අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සයිප්‍රසයේ ඉහළම සිවිල් ගෞරවය වන ‘Grand Cross of the Order of Makarios III’ සම්මාන‍යෙන් පිදුම් ලබා තිබේ.

ඒ, ඔහුගේ සයිප්‍රස් සංචාරය අතරතුරදීයි.

ඔහු මෙම සම්මානය ඉන්දියාව සහ සයිප්‍රසය අතර මිත්‍රත්වය වෙනුවෙන් කැප කළේය.

“මෙම ගෞරව සම්මානය හිමිවීම සම්බන්ධයෙන් නිහතමානීව සතුටු වෙමි. මම එය අපේ රටවල් ද්විත්වය අතර මිත්‍රත්වයට කැප කරමි,” අගමැති මෝදි X හි සඳහන් කළේය.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලිඩ්ස් හමුවී තිබිණි.

එහිදී නායකයින් දෙපළ අතර නිල සාකච්ඡා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.