සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රමුඛ පෙළේ කේක් සන්නාමය වන “ටියාරා” අඛණ්ඩව දෙවන වරටත් සංවිධාන කළ “ටියාරා රස හර යාත්‍රා” මහනුවර ඇසළ පෙරහැර වන්දනාව මෙවරද සාර්ථකව නිමාවට පත් කෙරුණා.

දළදා පෙරහැර නැරඹිම සදහා ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදීම මේ යටතේ සිදු කෙරුණා.

කොළඹ කොටුව, මාකුඹුර, පානදුර, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ මහියංගණය යන ප්‍රදේශවල සිට විශාල පිරිසකට ක්‍රමවත් සහ සුවපහසු ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් සපයාදීම මේ යටතේ සිදු කෙරුණු බවයි සිලෝන් බිස්කට් සමාගම සදහන් කළේ.