Published
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය භාර පොලිස් අධිකාරි එම්.ටි.එම්. රිල්වාන් මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක එම්.ඩබ්.එස් ප්‍රසන්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(14) දින මරදන්කේනි පොලිස් වසමේ නගර්කෝවිල් බටහිර, ජේ 424 ග්‍රාමසේවා වසම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහි දී මුහුදු වෙරලේ සිට මිටර් 200 පමණ මුහුදු වෙරලට එන මාර්ගයේ අසල දි පොහොර කවරවල බහාලන ලද කේරල ගංජා කිලෝ ග්‍රෑම් 14 ග්‍රෑම් 100 ක් අඩංගු පාර්සල් 09 ක් පුද්ගලයෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.





