පකිස්ථාන කණ්ඩායම හමුවේ ඊයේ රාත්‍රියේ ලද පරාජය හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තැබූ බලාපොරොත්තු ගිලිහී ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරඟය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් හෝ තබා ගැනීමට නම් බංග්ලාද්ශය, ඉන්දියාව හා පකිස්ථානය පරාජය කළ යුතු අතර ශ්‍රී ලංකාව ඉහළ දල ලකුණු සංඛ්‍යාවක් සහිතව ඉන්දියාව පරාජය කළ යුතු වනවා. මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් නායක චරිත් අසලංකගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමබර කර ගැනීමට මෙතෙක් ගත් උත්සහයන් අසාර්ථක වීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර තරඟය අද පැවැත්වීමට නියමිතයි.