Published
ලෝක ළමා දිනය යෙදී ඇති අද දිනයේදී උපත ලබන දරුවන්ගේ මව්පියන්ට රුපියල් මිලියනයක් වටිනා ජීවිත රක්ෂණ ආවරණයක් නොමිලේ පිරිනැමීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මඟින් අද ක්රියාත්මක කළා. ඒ, දිවයින පුරා විහිදුනු සියලුම රෝහල් ආවරණය වන පිරිදියි. 2022 වසරේ සිට ක්රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ රක්ෂණයක් තුළින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි.