පකිස්තාන රජය ක්‍රියාත්මක කළ ඇෆ්ගන් සරණාගතයින් පිටුවහල් කිරීමේ මෙහෙයුම හමුවේ 200,000 කට වැඩි ඇෆ්ගනිස්ථානුවන් පිරිසක් පකිස්ථානය හැර ගොස් ඇති බව පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

135,000 කට වැඩි ඇෆ්ගනිස්ථානුවන් අප්‍රේල් මාසයේදී පාකිස්තානයෙන් පිටව ගිය අතර, මැයි මාසයේදී 67,000 ක් පකිස්තානය හැර ගොස් ඇත.

ඊට අමතරව ජුනි මාසයේ පළමු දින දෙක තුළ 3,000 කට වැඩි පිරිසක් ආපසු යවා ඇති බව ද එම අමාත්‍යාංශය පවසයි.

යුද ගැටුම් හේතුවෙන් පසුගිය දශක කිහිපය තුළ මිලියන ගණනක් ඇෆ්ගනිස්ථානුවන් පකිස්ථානයට ඇතුළු වී තිබිණි.

2021 දී තලේබාන් රජය නැවත බලයට පැමිණීමෙන් පසු ලක්ෂ ගණනක් එලෙස ඇෆ්ගනිස්තානයට පැමිණ ඇත.

එහෙත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කර ඇති අතර ඔවුන් චෝදනා කළේ සරණාගතයින්ගේ මානව හිමිකම් දැඩි ලෙස කඩකරමින් සහ ඔවුන්ගේ ආරක්ෂාව අවදානමට ඇද දමමින් පකිස්තානය කටයුතු කළ බවයි.