LOLC අනුබද්ධ බ්‍රවුන්ස් සහ සමාගමේ විද්‍යුත් මෝටර් රථ අංශය වන බ්‍රවුන්ස් EV පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළා.

ඒ, දිවයිනපුරා විද්‍යුත් වාහන 1,500 ක් බෙදාහරිමින්.

මෙම සුවිශේෂි සන්ධිස්ථානය සැමරිම කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදි පසුගියදා උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරුණා.

BAW M8 ප්‍රමුඛතම බහුකාර්ය වාහනය නිල වශයෙන් හදුන්වාදීම සහ විද්‍යුත් වාහන ආරෝහණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන චින්ඩාඕ සමග උපයමාර්ගික හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කිරිමද එහිදී සිදු කෙරුණා.