කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන්ද ජාතික ජන බලවේගයට සහය දීමට සූදානමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

කොළඹ කිඹුලා ඇළ පවිත්‍ර කිරීමේ වැඩසටහනේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී ජාතික ජන බලවේගයේ කොළඹ මහනගර සභාවේ පුරපති අපේක්‍ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මියද අදහස් පළ කළා.

මේ අතර සමගි ජන බලවේගය හිටපු දිස්ත්‍රික් සංවිධායකවරයෙකු සහ ආසන සංවිධායකවරයෙකු වූ සුරංජිත් ලක්ෂිරි සහ ඔහුගේ පුත්‍රයා වූ හිමල්ශ සොහෙල් මෙවර ක්‍රිකට් පිත්ත ලකුණෙන් කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක් යටතේ තරඟ කර ජයග්‍රහණය කළා.

තමන්ට උප නගරාධිපති ධුරය ලබා ලබාදීමට එකඟ වන පක්ෂයට බලය පිහිටුවීම සඳහා සහය දෙන බවයි සුරංජිත් ලක්ෂිරි මහතා පැවසුවේ.