සංචාරක පකිස්තාන කණ්ඩායම සමග පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
දඹුල්ලේ පැවති මෙම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරඟය ආරම්භ වුණේ රාත්‍රී 09යි 30ටයි.
ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 12 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 160ක්.
පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
කෙසේවෙතත් විශිෂ්ට පිති හරඹයක නිරත වූ නායක දසුන් ශානක පන්දු 09කදී ලකුණු 34ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 06 පහර 05ක් ඇතුළත් වුණා.
කුසල් මෙන්ඩිස් පන්දු 16කදී ලකුණු 30යි. ධනංජය ද සිල්වා සහ ජනිත් ලියනගේ ලකුණු 22 බැගින් ද චරිත් අසලංක ලකුණු 21ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී මොහොමඩ් වසීම් කඩුලු 03ක් බිඳ හෙළුවා.
ජයග්‍රාහී ලකුණු 161ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සංචාරක පකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 12 අවසානයේදී කඩුලු 08ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 146ක් පමණයි.
නායක සල්මාන් අගා පන්දු 12කදී ලකුණු 45ක් රැස් කළා. මොහොමඩ් නවාස් ලකුණු 28යි.
පන්දු යැවීමේදී කඩුලු 04ක් දවා ගැනීමට වනිඳු හසරංග සමත් වුණා. එමෙන්ම මතීෂ පතිරණ කඩුලු දෙකක්ද එෂාන් මාලිංග කඩුලු 01ක්ද බිඳ හෙළුවා.
ඒ අනුව දෙරට අතර පැවති තරඟ තුනකින් යුත් පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟාවලිය එකට එකක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වුණා.




