ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ඉතිහාසයේ රනින් සටහන් වී ඇති මහා ක්‍රිකට් තරගයක් වන කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර මෙවර පැවති තුන්දින ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව අද අවසන් වුණා.
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී මෙවර රන් මහා සටන පැවතියේ විසි වන වරටයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඩී. ඇස්. සේනානායක විද්‍යාලය සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 344ක් රැස් කළා.
ඊට පිළිතුරු ලෙස මහානාම විද්‍යාලය කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 387ක්.
යළි සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය තරගයේ අවසන් දිනය වූ අද දිනයේ තරගය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 54ක් රැස් කරගෙන සිටියා.
කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර එක්දින ක්‍රිකට් තරගය මැයි මස 17 වන දින කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ අතර පාසල් දෙක අතර පැවැත්වීමට නියමිත K. N. P. ද සිල්වා අනුස්මරණ කුසලානය සඳහා වූ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මැයි මස 22වන දින ආරම්භ වීමට නියමිතව ඇත්තේ කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදීයි.




