Published
ස්ථිර විගණකාධිපතිවරයෙකු මෙතෙක් පත් නොකිරීමෙන් විගණන සේවා කොමිෂන් සභාවේ කටයුතුවලට බලපෑම් එල්ල වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ඒ අනුව විගණකාධිපති තනතුර සදහා කඩිනමින් සුදුසු නිලධාරියෙකු පත් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි අද පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා කියාසිටියේ.
මෝටර් රථ ආනයනය හරහා ආර්ථිකයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා එහිදි අදහස් පළ කළා.




