2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වෙන්නේ 06 වන දිනටයි.
පස්වරුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය හෙට සිට ආරම්භ වනවා.
හෙට දිනයේ සිට දෙසැම්බර් 05 වනදා දක්වා සෙනසුරාදා දින 03ක් ද ඇතුළුව දින 17ක් පුරා කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතයි.
විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වනදා පස්වරු 06ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ අතර හෙට පැවැත්වෙන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජිව එදිරිමාන්න මහතා පැවසුවේ ආණ්ඩුව මෙම වසරට අදාළව ඉදිරිපත් කළ අයවැය යෝජනාවලින් ක්‍රියාත්මක කර ඇත්තේද ඉතා සුළු ප්‍රමාණයක් බවයි.
එයද සැලකිල්ලට ගනිමින් ලබන වසරට අදාළ ආණ්ඩුවේ විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසිමේදී ඊට විරුද්ධව සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරන බවද ඔහු කියාසිටියා.
සිය පක්ෂයද අද දිනයේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ.
එමෙන්ම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙසට විපක්ෂයේ සෙසු පක්ෂවලින්ද ඉල්ලීමක් කර ඇති බව ඔහු පැවසුවා.
මේ අතර ඊයේ දිනයේද 2026 අයවැය සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇති වුණා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය එල්ල කරන චෝදනාවලට අමාත්‍ය වසන්ත සමරසිංහ එහිදී මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
ඒ, සම්බන්ධයෙන් සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරියද අදහස් පළ කළා.
ලබන වසර සදහා ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
මේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.



