අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා.

ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත්ව තිබෙන අතර ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119ක්.

දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකාව පසුවන්නේ ප්‍රසාද ලකුණු 104 ක් ලබාගනිමින්.

මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසු වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු 104 ලබාගෙන ඉදිරියට පැමිණ ඇත්තේ, තෙවන ස්ථානය දක්වායි. තෙවන ස්ථානයේ පසුවූ එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 102ක් ලබාගනිමින් සිව්වන ස්ථානය දක්වා පසුබැස තිබීම විශේෂත්වයක්.

එමෙන්ම නවසීලන්තය, ශ්‍රේණිගත කිරීම්වලට අනුව පස්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 86 ක් ලබා ගනිමින් රැඳී සිටින්නේ 06 වන ස්ථානයේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර 7 වන ස්ථානයේ රැදී සිටියා.

බංග්ලාදේශ කණ්ඩායම හත්වන ස්ථානයේ පසුවන අතර පාකිස්තානය එම ලැයිස්තුවේ පසුවන්නේ අටවන ස්ථානයේයි.