සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයින් යළි උද්යෝගී වී තිබෙනවා. එහෙත් මෙම තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් වෙනුවෙන් දැරූ වෙහෙස ගැන ඔබ දැන සිටියාද? ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ඒ පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්.

එක්දින තරඟාවලියේදී පන්දු යවන්නන්ගේ දක්‍ෂතා ඉහළ යාමට ලසිත් මාලිංගගේ දායකත්වය කොහොමද? මීළඟට ආරම්භවීමට ඇත්තේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර 20 තරඟාවලියයි. පළමු තරඟය අනිද්දා ආරම්භ වනවා. තරඟාවලියට තරඟ තුනක් ඇතුළත්.