ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස නම් කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔක්තෝබර් මස 06 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.