ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීමට හැකි ආකාරය ගැන ඊශ්‍රායල විදේශ අමාත්‍ය Gideon Sa’ar විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා

ඒ ආනුව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Gideon Sa’ar ප්‍රකාශ කර ඇත්තේ ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට හෝ ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව බලා පිටවීමට අපේක්ෂා කරන පිරිසට එලාට් නගරය හරහා ඇති දේශසීමාවලින් කෙටිකාලින වීසා ලබාගෙන අදාළ රටවලට ඇතුළුවීමටත්, ශ්‍රී ලංකාවේ සිට අදාළ රටවල්වල කෙටිකාලින වීසා ලබාගෙන ඒ හරහා ඊශ්‍රායලයට පැමිණීමට හැකියාව තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊශ්‍රායලයේ වෙසෙන තානාපතිවරුන් හා පැවති සාකච්ඡාවේදීයි.

එහිදී ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරන්නේ කවදා ද ? යන්න විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ සිය ගුවන්තොටුපොළ විවෘත කරන දිනය පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

තවද හදිසි අවස්ථා ඇති පිරිසට ජෝර්දානයේ අම්මාන් ගුවන්තොටුපොළ හා ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපල හරහා ගොඩබිම මාර්ගයෙන් ඊශ්‍රායලයට පැමිණීමට හා පිටවීමට හැකි බව වැඩිදුරටත් පවසා ඇත.