කොළඹ, රත්මලාන ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අතර ඍජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීමට දේශීය වානිජ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය, අද ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම වෙත පිරිනමා තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්.
මෙම ගුවන් යානා මෙහෙයුම් බලපත්‍රය පිරිනැමීම කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේදී සිදු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
රත්මලාන සහ යාපනය අතර ගුවන් ගමන සඳහා පැය 01යි විනාඩි 20ක කාලයක් ගත වනවා.
ඒ සඳහා ඩේවිඩ් පීරිස් ගුවන් සේවා සමාගම විසින් සෙස්නා – 280 ගුවන් යානයක් යෙදවීමටයි කටයුතු යොදා ඇත්තේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ද මේ වනවිට අභ්‍යන්තර ගුවන් මගී පර්යන්තයක් ඉදි වෙමින් පවතින අතර, එහි වැඩ කටයුතු නිමවූ පසුව විදේශීය රටවල ගුවන් මගීන්ට එතැන් සිට යාපනය දක්වා ගුවන් ගමන් පහසුකම් සළසා ගත හැකියි.
එමගින් සංචාරක ගමනාන්තයක් ලෙස යාපනය සංවර්ධනය කිරීමේ ඉලක්කය ද පහසුවෙන් සපුරා ගත හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙන්වා දෙනවා.