ආපදා හේතුවෙන් විපතට පත් පාර්ශවයන්ට නොමිලේ නීති සහය ලබා දීමට සහ හදිසි නීතිය මර්දනකාරී ලෙස සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය රෙහිව යොදාගැනීම් වැළැක්වීම ඇතුළු කර්යයන් ඉටුකිරීමේ අරමුණින් 'Free Lawyers" සංවිධානය කොළඹදී ආරම්භ කර තිබෙනවා.
ආරම්භක රැස්වීමට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න , ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ අතුල ද සිල්වා ,නීතිඥ ගුණරත්න වන්නිනායක ,නීතිඥ මර්වින් ද සිල්වා ,නීතිඥ දිනේෂ් විදානපතිරණ , නීතිඥ සංජය ගමගේ ඇතුළු ගීතිඥයින් 500ට අධික පිරිසක් සහභාගි විය.
එම සමාගම ආරම්භක රැස්වීමේදී යුක්තිය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටීම පහසු කාර්යක් නොවේ . එහෙත් එය අත්‍යවශ්‍ය වගකීමකි. නීතිඥයින් ලෙස අප සතුව ඇත්තේ නීතිමය තර්කයට වඩා බොහෝ උසස් කැඳවීමකි . අපි හඬ නැති අයට හඬක් වෙමු . අවදානමට ලක්විය හැකි අයට ශක්තියක් වෙමු. සත්‍යය වෙනුවෙන් සාක්ෂි දරන්නන් වෙමු .යනුවෙන් ප්‍රකාශ කෙරිණි
මෙම සංවිධානය මේ වන විටත් සහන ක්‍රියාකාරකම් ආරම්භ කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
එම නිවේදනය පහතින්




