2025 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී මේ වන විට පැවැත්වෙනවා.

ඒ, ඕස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි.

කාසියේ වාසිය හිමිකර ගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 221ක්.

බෙත් මූනි පන්දු 114කදී ලකුණු 109යි.

අලානා කින් නොදැවී ලකුණු 51යි.

ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 222ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.