ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ධූරයට දසුන් ශානක පත්කර තිබෙනවා.
ඒ, එළඹෙන පාකිස්තාන තරඟ සංචාරය සඳහායි.
පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග ශ්‍රී ලංකාව ද සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කළා. ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
එහි විශේෂත්වය වන්නේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ යළි ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමට කැඳවීමයි.
ඔහු එලෙස ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට කැඳවන්නේ ජනවාරි මාසයෙන් පසු පළමු වරටයි.
මතීෂ පතිරණ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවා ඇති අතර එශාන් මාලිංග ද ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබෙනවා.
ඔහු මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනාගෙන නැහැ.
මේ අතර පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ද ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කළා.
එහි විශේෂත්වය වන්නේ යොවුන් ක්‍රීඩක පවන් රත්නායක ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබීමයි.
කෙසේවෙතත් දුනිත් වෙල්ලාලගේට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැහැ.
ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් 11 වනදාත් තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් 17 වනදාත් ආරම්භ වනවා.




