පැවති අයපත් කාලගුණය හමුවේ පස් කඳු කඩා වැටී තිබූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි රථ වාහන ධාවනයට විවෘත කර තිබෙනවා.

එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී පස් කඳු ඇති ස්ථානවල වාහන නතර නොකරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

අදාල ස්ථානවල ඇති පස් කඳු යළිත් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් එම ස්ථානවලින් පාගමනින් හෝ ගමන් නොකරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය සහ නාවලපිටිය දක්වා මාර්ගය ද රථවාහන ධාවනයට විවෘත කර තිබෙනවා.

නාවලපිටිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගල් බෝක්කුව ප්‍රදේශයෙන් කැඩී ගිය මාර්ගය පිලිසකර කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගය සහ කොත්මලේ හා වළපනේ ප්‍රදේශවලට පිවිසෙන මාර්ග තවදුරටත් රථවාහන ගමනා ගමනය සඳහා විවෘත කර නොමැති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.