ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි සහය දිවීම ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඊයේ පස්වරුවේ පැවති මූලික වටයේ තරගයකදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

දිනෙත් වීරරත්න, චමෝද් යෝධසිංහ, මෙරෝන් විජේසිංහ සහ රොෂාන් රණතුංග මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනා.

ඔවුන්ගේ තරග නිමි කාලය වූයේ තත්පර 39යි දශම 4 යි 3ක්.

ඒ අනුව මූලික වටයේ තරගයේ හතරවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මෙම ඉසව්වේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරඟය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.