Published
කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා.
ඒ අනුව කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ ඝන මීටර 15,000ක ටැංකි 03ක්, ඝන මීටර 7000ක ටැංකි 02ක් සහ ඝන මීටර 5000ක ටැංකියක් ඇතුළු ගබඩා ටැංකි 06ක් ඉදිකිරීමට නියමිතයි.
එමඟින් රටේ ඉන්ධන ගබඩා ධාරිතාව බෙහෙවින් ශක්තිමත් වන බවයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසුවේ.
රටේ ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ඛනිජ තෙල් නිෂ්පාදනවල තිරසාර, කාර්යක්ෂම සහ අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාම සඳහා ද එය සහායක් වනු ඇති බව අමාත්‍ය කුමාර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළා.





