දමන පොලිස් වසමේ හිඟුරාන ප්‍රදේශයේදී අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක්ද සොයාගෙන තිබෙනවා.

හිරණ පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔහු අවශ්‍යව සිටි සැකකරුවෙකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

ඒ අනුව සැකකරු දමන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දමන, හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කරන බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.