නටඹුන් වූ රාජ්‍ය සේවය යළි ශක්තිමත් කිරීමට රජය සැලසුම් සකස් කර තිබෙන බවත්, වසර 05කට පසු රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවල රාජකාරී කරන පිරිසගේ රාජකාරී පහසුව වෙනුවෙන් අවශ්‍ය වාහන ලබා දීමට ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදා කර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගෙන් සහාය අපේක්ෂා කර සිටින බවයි.




















