නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝහි දෙවන ජයග්‍රහණය හිමි කර ගැනීමට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ DJ VIXO  සමත් වුණා.

ඉතා උණුසුම් ලෙස මෙම DJ සංග්‍රාමය සිදු කෙරුණේ ඊයේ රාත්‍රියේයි.

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ DJ ශිල්පිනී DJ BOBO  සමග පැවති කරට කර තරගයෙන් අනතුරුව DJ VIXO ජය ගනු ලැබුවා.

සෑම සිකුරාදා දිනකම රාත්‍රි 9ට ආරම්භ වන ඩී ජේ නයිට් සජීවි වැඩසටහන ශ්‍රී ලාංකික රසිකයන් ඉතා ඉහළ ජනප්‍රසාදයක් දිනාගත් වැඩසටහනක් වනවා.

ශ්‍රී ලාංකික රේඩියෝවට අලුත්ම ඇත්දැකීමක් වූ මෙය තවදුරටත් අලුත් කරමිනුයි ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝ හදුන්වා දුන්නේ.

එම තරගයේ පළමු ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඩි ජේ ෆ්ලෑෂ් පසුගියදා සමත් වුණා.