Published
වාහන ආනයනය කිරීමේදී ලොව වැඩිම බදු ප්‍රතිශතයක් අයකරන දෙවන රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
රාජ්‍ය ආයතනවලට වාහන ආනයනය කිරීම සඳහා අයවැයෙන් වෙන් කෙරූ මුදල සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මහජනතාවට සහන රැසක් ලැබෙන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා.




