දැනට ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය - පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබද විශේෂ සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
ඒ, ආරක්ෂක අංශයේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.
එහිදී අදාළ ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම, අවසන් කිරීම, නිදහස් කිරීමට ප්‍රමුඛතාවය දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම සහ ඒ සම්බන්ධ පරිපාලනමය බාධකවලට පිළියම් සෙවීම පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
ඒ අනුව අත්‍යවශ්‍ය ආරක්ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලැබීම සහතික කෙරෙන විනිවිදභාවයෙන් යුතු හා සාධාරණ ක්‍රියාවලියක වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.
මෙහිදී ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන කරුණු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් රජය විසින් ක්‍රියාත්මක සංහිඳියාවේ වැඩපිළිවෙල වේගවත් කිරීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ද ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවා.
මෙම සාකච්ඡාව සදහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු. රාමලිංගම් චන්ද්‍රසේකර් සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහභාගී වී තිබෙනවා.





