දිවයින පුරා අද සිට ඉදිරි දින කිහිපයේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

සැදැහැවතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත්වල නිරතවීම සහ වෙසක් සිරි නැරඹිම සදහා එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද රාජකාරී සදහා අනියුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.

මේ අතර පීඩාකාරි හා අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන ලෙසටද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.