Published
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද (30) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අදාළ නඩුව අද මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙම වරෙන්තුව නිකුත් කෙරුණේ.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවට පෙනී නොසිටීම සලකා බැලූ මහාධිකරණය, උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලිසියට නියෝග කළා.




