ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට පකිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 6කින් ජය ගනිමින්.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කණ්ඩායම් දෙක අතර පැවති තරගය කණ්ඩායමකට පන්දුවාර 13 කට සීමා වුණා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 13 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 111ක් රැස් කළා.

ජයග්‍රාහී ලකුණු 112 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 11 යි පන්දු 3ක් අවසානයේ කඩුළු 4 ක් පමණක් දැවි ලකුණු 112 ක් රැස් කර ගනිමින්.