පාකිස්තානය සමග පැවති තෙවන විස්සයි විස්ස තරගය කඩුලු 8කින් ජය ගැනීමට      ශ්‍ර්‍රි  ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළා.

පාකිස්තාන නායක සහිබ්සාදා ෆර්හාන් පන්දු 47කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා.

අරාෆත් මින්හාස් නොදැවී ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී  දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින් බිඳහෙළූවා.

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

ශ්‍රී ලංකා  නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 87ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුට අනගි සහයක් ලබාදුන් කමිදු මෙන්ඩිස් පන්දු 27කදී නොදැවී ලකුණු 40ක් රැස් කළා.

සිනෙත් ජයවර්ධන පන්දු 26කදී ලකුණු 38 යි.