සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය කඩුළු 4කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

රාවල්පිණ්ඩි හිදී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කළා.

ලකුණු 183ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 187ක් ලබා ගනිමින් එම තරගය ජයගනු ලැබුවා.