Published
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ යටතේ ඇතැම් අවස්ථාවලදී මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් ඔවුන්ගේ නිවාස තුළම පුනරුත්තාපනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සිය නිවෙස්වල සිටී නම් ඔවුන් පුනරුත්තාපන කඳවුරු වෙත භාර දෙන ලෙසද එම පවුල්වල ජනතාවගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉල්ලීමක්ද කළා.




