විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම අසාධාරණ බව බලශක්ති විශ්ලේෂකයින් පවසනවා.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව ස්වාධීනව නොසිටීම සහ මුදල් අමාත්‍යංශයේ බලපෑම් මත එලෙස අසාධාරණ ලෙසට විදුලි ගාස්තුව ඉහළ දමා ඇති බවයි බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
විදුලි ගාස්තු සංශෝධනයේදී වැරදුනේ කොතනද? ආචාර්ය විදුර රළපනාව මහතා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙලෙසයි.
ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 15කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කළා.
ඒ අනුව කුඩා පරිභෝජන කාණ්ඩ වන ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.
කෙසේවෙතත් ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට සියයට 8ක විදුලි ගාස්තු වැඩිවීමක් සිදු වුණා.
ඒකක 30 – 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රුපියල් 02කින් ඉහළ ගොස් ඇති අතර ඒකක 61 – 90 සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 240කට සීමා වනවා.
ඒකක 91 – 120 දක්වා සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 360ක් වන අතර ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 840කට සීමා වනු ඇති.
ඒකක 180ට වැඩි කාණ්ඩයක සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 2,020කට සීමා වනවා.
මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම මෙරට සෑම ක්ෂේත්රයකටම එල්ල කරන්නේ දැඩි බලපෑමක්.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.